Huawei Android තහනම ඔයාගෙ පෝන් එකට කොහොම බලපායිද? (සම්පූර්න ලිපිය කියවන්න)

Share:
ගූගල් සමාගම විසින් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්දතිය(Operating System) බ්හාවිතා කරන  විශාලතම දුරකථන නිෂ්පාදකයින් වන Huawei සමාගමට තහනම් කිරීමට තීරනය කරල තියනව.මෙම තහනම මඟින් ඇමරිකානු රජයේ අනුමැතියකින් තොරව Huawei සමාගමට කිසිදු සේවාවක් සැපයිය නොහැකි බව ගූගල් සමාගම කියල තියන්නෙ .මේකට  ගොඩක්ම බලපාල තියන්නෙ චීන ඇමරිකානු වෙලද යුද්දය සහ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ බලපෑම කියල තමයි ආරන්චි වෙන්නෙ.

*ඇමරිකානු චිප්(Qualcomm Snapdragon/etc) නිපදවන්නන් පවා ඔවුන්ගේ  කියන්නෙ විරෝදයක් නෑ කියලයි.
නමුත් Huawei ස්මාර්ට්ෆෝන් හිමියන්ට කොහොම බලපායිද කියල Huawei සමාගම තාමත් කියල නෑ .



ඔයාගෙ පෝන් එකට මේ තහනම කොහොම බලපායිද?

ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුල Google ආයතනය විසින් දැනට Play Store, Gmail, Google Maps සහ වෙනත් Google Apps වැනි apps Huawei පෝන් වල Install කරන්න කලින් Huawei සමාගමට කලින් (අයිතිය)Licence එක තිබුනනේ.හැබයි මේ ගූගල්ලගේ තහනමත් එක්ක Huawei device සඳහා සියලුම Google සේවාවන් ලබා නොදීමට තීරනය කරල තියනව.


Official Android's Tweet



මගේ Huawei දුරකතන තාමත් වැඩ කරනවද ?

ඔව්.  ඇන්ඩ්රොයිඩ් කියන්නෙ Open Sourse (විවෘත මූලාශ්‍ර) වැඩසටහනක් වන නිසා මෙහෙයුම් පද්ධතියට කිසිම  බලපෑමක් නැ.(ගූගල්ලගේ ඇප් විතරක් තහනම් කරල තියන නිසා). 
ගූගල් කියල තියන විදියට  Play Store(app store) සහ Google Play සේවාවන් ඔබගේ Huawei ස්මාර්ට් ජංගම දුරකතනයේ දිගටම වැඩ කරනව.(තහනමත් එක්ක අලුතෙන් එන පෝන් වලට තමයි ගූගල් ඇප්ස් තහන්ම් වෙන්නෙ.)


Huawei පෝන් වලට  Android Updates දිගටම එනවද ?

ඔව්.වෙනස වන්නේ Huawei ඇන්ඩ්රොයිඩ් යාවත්කාලීනයන් සඳහා මුල් ප්රවේශය(early access) අහිමි වෙන එකයි.ඒකෙන් වෙන්නෙ වෙනදට වඩා වැඩි කාලයක්  Updates එන්න ගත වෙන එක.


security updates එයිද?

ඔව්.security updates දෙන්න Huawei සමාගම පොරොන්දු වෙලා තියනව.



කොහොම උනත් Huawei සමාගම කියල තියනව ඔවුන්ගේම මෙහෙයුම් පද්දතියක් හදුන්වා දෙනව කියල.අපි ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල..


අමතක නොකර  යාලුවන්ටත් බලන්න ශෙයා කරන්න.ඔයා දන්න දේවලුත් කමෙන්ට් කරගෙන යන්න.

1 comment: